How to Add funds to Payza
How To Add Fund to "Payza" ගිණුමට මුදල් තැන්පත් කරන ආකාරය(6 කොටස)..
අද අපි බලමු Payza ගිණුමකට ඔබේ Credit හෝ Debit Card එකක් මගින් නිවැරදිව මුදල් තැන්පත් කරන ආකාරය. මොකද FutureAdPro එක්ක වැඩ කරන්න නම් අනිවාර්යයෙන්ම මුදල් යොදවන්න වෙනව. මෙහිදී මීට අමතරව මුදල් තැන්පත් කරන ක්‍රම රාශියක් තිබුනත් ගොඩක් ජනප්‍රිය Payment Processor එකක් වන Payza ගැන තමයි අද මම කියල දෙන්නෙ. අනිත් ක්‍රම ගැන පසුවට කියල දෙන්නම්. ඇත්තටම එක Payment Processor එකක් ගැන දැනගත්තම අනිත් ඒවත් ඉගෙන ගන්න පුළුවන් පොඩි වෙනස්කම් ටිකක් තමයි තියෙන්නෙ. ගොඩක් අය දැන් Online ගණුදෙනු ගැන දැනුවත් වගේම Payza භාවිතා කරල ඇති ඒත් තවත් ආධුනික අය ඉන්න නිසා මම මේගැන ලියන්න හිතුවෙ..
මුලින්ම ඔයාට Payza ගිණුමක් නැත්නම් පහත ලින්ක් එකෙන් ගිහින් ගිණුමක් හදාගන්න..
මම හිතන විදියට ගිණුමක් හදන විදිය හැමෝම වගේ දන්නව ඇති. සාමාන්‍ය විදියට තමන්ගේ පුද්ගලික තොරතුරැ ඇතුලත් කරල හදන්න තියෙන්නෙ. දන්නෙ නැති කෙනෙක් ඉන්නවනම් Comment එකක් දාන්න ඒ ගැනත් කියල දෙන්නම්.
හරි දැන් ඔයාගේ Payza ගිණුමට ඇතුල් වෙන්න එහි Home පිටුවෙ උඩම තියනව මේවගේ Menu Bar එකක්. ඒකේ Add Fund වලට යන්න.
ඉන්පස්සේ මේවගේ අතුරු මුහුණතක් ඒවි.
මෙතන මුදල් තැන්පත් කරන ක්‍රම ගණනාවක් තිබුනත් මම තෝරගන්නෙ Credit Card වලින් මුදල් තැන්පත් කිරීම.
මේහිදී මුදල් ක්ෂණිකව Payza ගිණුමට ලැබෙනව ඒවගේම ඔබගේ Credit හෝ Debit යන කාඩ් වර්ග දෙකෙන්ම මේකට මුදල් දාන්න පුළුවන්.
දැන් මේවගේ අතුරු මුහුණතක් ලැබේවි.
මෙහිදී ඔබ කාඩ්පතක් ඇතුලත් කර ඇත්නම් පිලිවෙලින් අංක 1 සිට 3 දක්වා පිලිවෙලින් සිදුකර Next බොත්තම ක්ලික් කරන්න.
(මෙහි අංක 3 පියවරේදී සැලකිලිමත් වන්න - Payza මගින් 5%ක ගාස්තුවක් අය කරන බැවින් ඔබ තැන්පත් කිරීමට බලාපොරොත්තුවන මුදලට වඩා වැඩි ප්‍රමාණයක් ඇතුලත් කල යුතුය.
උදා- ඔබට 10$ දැමීමට අවශ්‍යනම්,
5 / 100 * 10$ = 0.5$
එනම් 10.5$ ක් තැන්පත් කල යුතුය නමුත් මෙහි පුර්ණ සංඛ්‍යා වලින් මුදල් ප්‍රමාණ ඇතුලත් කල යුතු බැවින් ආසන්නම පුර්ණ අගය වන 11$ ඇතුලත් කරන්න).
කාඩ්පතක් ඇතුලත් කර නැත්නම් ඊතලයෙන් දක්වා ඇති ලින්ක් එක ක්ලික් කරන්න. මෙහිදී පහත පිටුව ලැබේවි.
මෙහි දක්වා ඇති පරිදි සම්පූර්ණ කර Next බොත්තම ක්ලික් කරන්න. දැන් මේ පිටුව ලැබේවි.
මෙහි ඇති තොරතුරු නිවැරදිනම් රතුපැහැයෙන් සලකුණු කර ඇති ස්ථානය ටික් කර Submit බොත්තම ක්ලික් කරන්න. දැන් පහත පිටුව ලැබෙනව.
(මෙහි Billing Address යනු ඔබ විසින් Payza ගිණුම සාදන අවස්ථාවේ දෙනුලබන ලිපිනයයි එය සහ කාඩ්පතේ ලිපිනය එකම වියයුතු බැවින් ගිණුම සාදන විට සත්‍ය තොරතුරු ලබාදෙන්න.)
මෙහි ඊ හිසෙන් දක්වා ඇති ක්‍රමය තෝරන්න. දැන් ඉහත මම කිව්ව මුදල් තැන්පත් කරන පිටුව නැවත ලැබේවි. එහි පියවර අනුගමනය කල පසු පහත අතුරුමුහුණත ලැබෙනව.
මෙහිදී ඔබට අවශ්‍ය මුදල් ප්‍රමාණය තැන්පත්වේද නැත්ද යන්න බලා ගත හැකි අතර ඔබ සෑහීමකට පත්වන්නේ නැත්නම් Previous Step මගින් නැවත පෙර පිටුවට ගොස් මුදල් ප්‍රමාණය වෙනස් කල හැක, සෑහීමට පත්වන්නේ නම් Pin අංකය යොදා Add Fund ක්ලික් කරන්න.. දැන් පහත පිටුව ලැබේවි.
දැන් ඔබේ ගිණුමට මුදල් බැරවී ඇති.
Comments
Post a Comment